Monday, November 30, 2015

sanderiana වගාවක් අරම්භ කිරීම හා වගා පාලනයේ තාක්ෂණික උපදෙස්

sanderiana වගාව:-

  මෙම sanderiana වගාව ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදු කල හැක. මෙමෙ ශාකයට ඕනෑම පරිසර තත්වයකට සාර්ථකව මුහුණ දිය හැක.මේ නිසා වගාව පාලනයේදී ලොකු අවදානයක් යොමු කිරීම අවශ්‍ය නොවේ. එම නිසා ඔබට අලුතින් වගාවක් පටන් ගැනීමේදී ඒ පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍ය නොවේ. එම නිසා sanderiana වගාවක් ආරම්භ කිරීමේ සිට පාලනය දක්වා කාලය තුල සැලකිය යතු ප්‍රධාන කරුණු පිළිබඳ සලකා බලමු.

1.වගාවට සුදුසු මවු අතු සපයා ගන්නේ කෙසේද? 
        sanderiana වර්ග තුනක් වගා කරනු ලැබේ. ඒවානම්,
           1.sanderiana white,
       
sanderiana white
       


     2. sanderiana victory

sanderiana victory




        3. sanderiana gold

sanderiana gold


මෙම sanderiana වර්ග 3 න් වැඩිම වෙළද පොළ වටිනාකමක් ඇත්තේ white සහ victory වලටය.
sanderiana gold අඩු ආර්ථික වටිනාකමක් ඇති අතර මෙමෙ වර්ගයේ sanderiana පත්‍ර, ගොබය ඇතුලත පවතින විටදී කෘමී සතුන් යුෂ උරා බොන නිසා නඩත්තුව අනෙත්වාට වඩා අපහසුය.එම නිසා white හා victory වැඩි පුරද gold අඩුවෙන් වගා කීරීම සුදුසුය 

තවද මවු අතු තෝරා ගැනීමේදී තවත් සැලකිය යුතු කරුණක් නම්,අදාල වර්ගයට ආවේණික ලක්ෂණ මග හැරී නැති දැනට සාර්ථකව කරගෙන යන වගාවකින් දඩු ලබා ගැනීම. පහත රුපය බලන්න



මෙහි 2 යනුවෙන් සංකේත කර ඇත්තේ, ආවේණික ලක්ෂණ මගහැරී ඇති sanderiana white ශාකයකි.
එම නිසා සිටුවීම සදහා දඩු ලබා ගැනීමේදී ,1 සංකේතයේ ආකාරයේ ආවේනික ලක්ෂණ මග හැරී නැති මවු ශාක වලින් පමණක් දඩු ලබා ගන්න.

No comments:

Post a Comment